15455. කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන්

1 කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන්
දජ ඔසවමිනි, ජය ගනිව් යුද්දෙන්
ජයෙන් ජයට හිමි, සේනාවන් ගෙනයි
යේසුස් වනතෙක් ස්වාමි සෑම රුපුන් නසයි

2 කුරුසේ හේවායිනි, කීකරුවී වරෙව්
අණට කන් දෙමිනි, තද සටන් කරව්
සැම දෙන මූණ දෙව්, සතුරන්ට නිතින්
මක්වූවත් බිය නොවව්, සටන් කරව් වැරෙන්

3 කුරුසේ හේවායිනි හිමි, බෙලෙන් වරෙව්
ඔබ බලේ ඉතිනි, විස්වාස නොකරව්
ගනිව් සුබසුන් කග, අවදිව සිටිව්
අන්තරා ඇතත් මග, කිසි බියක් නොවව්

4 කුරුසේ හේවායිනි, සටන ලුහුඬුය්
යුද්ද නවතිමිනි, ජය හඬ ඇසෙයි
ජය ගන්න අයට, රන් කිරුලක් ලැබෙයි
ඔහු තෙදැත් රජුට, එක්ව නිතින් වසයි

Text Information
First Line: කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන්
Title: කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන්
English Title: Stand up, stand up for Jesus
Author: George Duffield, Jr.
Translator: C. W. de Silva
Meter: 76.76 D
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: WEBB
Composer: George James Webb (1830)
Meter: 76.76 D
Key: B♭ Major
Copyright: Public Domain



Media
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us