15485. හිමි මට මඟ පෙන්වයි

1 හිමි මට මඟ පෙන්වයි
තොස් යුත් සැනසුම් වදන!
මක්කරතත් කොහේ ගියත්
හිමි අතින් මඟ පෙන්වයි

2 මඟ පෙන්වයි මඟ පෙන්වයි
හිම අතින් මඟ පෙන්වයි
ඔබගේ ගැති වෙමි මම්
හිම අතින් මඟ පෙන්වයි

3 දුක් අඳුරු වන මැද
ඒදන්හි සුපුල් මල් මැද
නිසල් දියෙත් රළු මූදේත්
හිමි අතින් මා ගෙනයයි

4 හිමි අත අල්ලාගනිම්
නොකොඳුරම් බය නොවෙම්
තොසවෙම් මට ඇති දෙයින්
ඔබ ගෙනයන බැවින්

5 මා මෙහෙය නිම විමෙන්
ජය මට අත්පත්වීමෙන්
මරු දොළ පසුකරම්
හිමි අතින් මඟ පෙන්වයි

Text Information
First Line: හිමි මට මඟ පෙන්වයි
Title: හිමි මට මඟ පෙන්වයි
English Title: He leadeth me, O blessed thought
Author: Joseph Henry Gilmore
Translator: H. de S. Wickremeratne
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [හිමි මට මඟ පෙන්වයි]
Composer: William Batchelder Bradbury
Key: D Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us