15480. විසඳන්ට මෙලෝ නැණින්

1 විසඳන්ට මෙලෝ නැණින්
නොහැක් පුදුම දේ
කරයි දෙවිතුම තමන්
බල පා නිබඳේ

2 අතිගැඹුරෙහි ඇත
එතුම අදහස්
ඒවා වරදින්නේ නැත
වේය භිමි සිත් ලෙස්

3 බිය නොවව් හිස් ඔසවව්
දුබල් සිත් ඇත්තෙනි
පහවීයයි අඳුරු බැව්
සෙත් අත්වෙයි නොම්නි

4 දුබල් අප හැඟීම් ලෙස
උතුම් දෙවි තුමන්
ගැඹුරු වූ අදහස
නොමනිමු සිතින්

5 පෙනෙතත් හිමි උවන
සරොස්ව අන්දම
ඇත්තේය සඟවාගෙන
කරුණා මෙත් බැල්ම

6 ඇදහිලි නැතිකමන්
මුළාවෙතත් සත
සිදුවේමයි හිමි මඟින්
අපේ යහපත

Text Information
First Line: විසඳන්ට මෙලෝ නැණින්
Title: විසඳන්ට මෙලෝ නැණින්
English Title: God moves in a mysterious way
Author: William Cowper
Translator: John Simon de Silva
Meter: CM
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: DUNDEE
Meter: CM
Key: E♭ Major
Source: Scottish Psalter, 1615
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us