15458. ජීවිතේ සෑම කාලේ දී

1 ජීවිතේ සෑම කාලේ දී
දුක් සැප දෙක්හි දීත්
දෙවිඳුට පැසසුම් ගී
දෙන්නෙම් හිතෙන් මුවෙන්

2 උතුම් හිමිගේ නමට
මා එක්ව පසස් දෙව්
විපතේ දී කන් දී මට
මිදූ නිසා පෙමින්

3 දමිටුන්ගේ නිවෙස් වටින්
දෙව් සෙන් මුර කරත්
දෙවිඳු පිළිගත් දනන්
ඒ හිමි රකියි නිත්

4 දුක් පීඩා පෙම් ලකුණු බැව්
අත්දැකීමෙන් පෙනෙයි
අදහන්නෝ හිමි දෙලෙව්
බෝ වාසනාවන්ත යී

5 අහෝ එතුම පෙම් කඳ
අත්දැකීමෙන් දනිව්
කොපමණ සැපවත් ද
අදහන්නෝ ස්වාමීන්

6 දෙව් හිමිටම බිය වව්
අන් බිය දුරැ වෙයි
එතුමට මෙහෙ කරව්
සැම සැප ලැබෙයි

Text Information
First Line: ජීවිතේ සෑම කාලේ දී
Title: ජීවිතේ සෑම කාලේ දී
English Title: Through all the changing scenes of life
Translator: J. Wesley Perera
Meter: CM
Language: Sinhala
Source: A New Version of the Psalms of David by Nahum Tate and Nicholas Brady, 1696
Copyright: Public Domain
Tune Information
Name: WILTSHIRE
Composer: George Thomas Smart
Meter: CM
Key: A♭ Major
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us